Home/Songs/ඉවසයිද මන්දා

ඉවසයිද මන්දා

Iwasaida Manda

Music: උදාර සමරවීර Lyrics: ඩිලාන් ගමගේ
Font size:
ඉවසයිද මන්දා මා දුන් රිදුම්
වෙන් වීලා ආ දා වෙනතක් බලන්
උන්නාට මා රහසේ තුරුල්ලක හෙමින්
මට ඉන්න බෑ මේ මතකෙට හොරෙන්

තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්
තව කදුළු නෑ මේ දෙනෙතේ ඉතින්
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැති උනා සත්තයි හෙමින්

ගොලුවෙච්ච තරු දෑසේ කදුලැල් උනන්නේ
දරා ගන්න බෑ මේ මතකේ විලාපේ
ආදරේ ඔබෙන් තරම් ලැබුනේ නෑ කාගෙන්වත්
රැකගන්න බැරි උනි ඒ සංසාර ආදරේ
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන් 
මට මාද නැති උනා සත්තයි හෙමින්

මේ පාලු දුක් සිහිනේ අතරමන් වෙලා බොහෝසේ
ආයේ ගන්න බෑ ඒ සෙනෙහස ඔබේ
ජීවිතය වැටුණු තරම් නැගිටගන්න බෑ ආයේ
මැරී මැරී ඉපදී මේ සංසාර ආදරේ
උන්නාට මා රහසේ තුරුල්ලක හෙමින් 
මට ඉන්න බෑ මේ මතකෙට හොරෙන්

ඉවසයිද මන්දා...

තනියෙන්ම වින්දා...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.