Home/Songs/නුඹ ළඟ නැති දා

නුඹ ළඟ නැති දා

Numba Langa Nathi Daa

Music: සංඛ දිනෙත් Lyrics: ඉසුරු වීරසිංහ මුදලි
Font size:
(හිත රිදවනා.. සුසුමක් වගේ
නෙත හඬවනා.. කඳුලක් දිගේ...//)
හැබැහින් නැතත් හීනෙන් වගේ
ඇයි දැයි කියන්නකෝ.. මම හැර ගියේ
(නුඹ ලඟ නැති දා..////)

(හිත දුවනවා.. හැමතැන මගේ
නෙත පිරෙනවා.. සුවඳින් ඔබේ...//)
බැලු බැලු අතේ නුඹේ රුව වගේ
ඇයි මේ පෙනෙන්නේ.. මට ඒ වගේ
(නුඹ ලඟ නැති දා...////)

(හිත දවනවා.. මතකය ඔබේ
දින ගෙවෙනවා.. හීනෙන් වගේ...//)
දවසක ඇවිත් ලඟටම මගේ
මොහොතක් හිඳින්නකෝ.. ඉස්සර වගේ
(නුඹ ලඟ නැති දා...////)

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.