Font size:
තිලෝ තිලක ලෝක නාථ සම්බුදු සමිඳේ (පුදා වඳිම් හද බැති මල් ඔබ පා කමලේ)...// මෙත් මුදිතා කරුණා ගුණ සයුරද පරදා තිලොඅග හිමි බුදු බව ලැබ කෙලෙසුන් හැරදා දෙසූ දහම් කඳ දම්සක් සුතුරින් අරඹා (ඇසේ දසත මුළු ලොව සත යහමග හරවා)...// ලුම්බිණි සල් උයනේ විකසිත මල් අතරේ සමනලයින් ගුණ මුමුනා යන එන ගමනේ සියොතුන් ගී නගන විටදි අමතක නොකලේ (සදා වඳින ලෝක නාථ සමිඳුගෙ නාමේ)...// තිලෝ තිලක ලෝක නාථ සම්බුදු සමිඳේ (පුදා වඳිම් හද බැති මල් ඔබ පා කමලේ)...//