සිරකාරිය කළ මැනවි
Sirakariya Kala Manawi
Music: රෝහණ වීරසිංහ Lyrics: බන්දුල නානායක්කාරවසම්
Font size:
සිරකාරිය කළ මැනවි ඔබේ ප්‍රේමයේ - සපිරි ගේ සදාකාලයට මා සිරකාරිය කළ මැනවි ඔබේ ඇසින් ගලනා - එළියෙන් මට විළංගුලා ඔබේ මුවින් නැගනා - ස්වරයෙන් දොර අගුළු දමා ඔබේ මානයේ රඳවා - ලොවෙන් වෙන්ව තබා සිරකාරිය කළ මැනවි ඔබේ වතින් හමනා සුවඳින් - මට ඔවදන් දී ඔබේ පහස මවනා මිහිරෙන් - මට දඬුවම් දී ඔබේ මානයේ රඳවා - ලොවෙන් වෙන්ව තබා සිරකාරිය කළ මැනවි
Singers
Data
Last updated May 2026