දී කිරි දී කිරි ගෙනාව දී කිරි
Dee kiri Dee kiri Genawa Dee kiri
Music: ඔස්ටින් මුණසිංහ
Font size:
(දී කිරි දී කිරි ගෙනාව දී කිරි මිහිපිට කාටත් ගුණ දෙන දී කිරි)..// පැටියා මෝරපු දෙනගේන් ගාත් කිරි හොඳ හැටි උණුකොට හීන්දා ගාත් කිරි නැවුම් මූට්ටියේ වාත්කල මේ කිරි පනමට ලාබායි මන් දෙන මේ කිරි... දී කිරි දී කිරි ගෙනාව දී කිරි මිහිපිට කාටත් ගුණ දෙන දී කිරි කිරි විකුනාලා කාසි හොයාන්නයි අනාගතේ මාළීගා තනාන්නයි කුමාරයෙක් ගෙදරට කැන්ඳන්නයි මුට්ටිය බිඳුනොත් ඔක්කොම ඉවරයි... (දී කිරි දී කිරි ගෙනාව දී කිරි මිහිපිට කාටත් ගුණ දෙන දී කිරි)..// හිස මගෙ දෙදරයි දෙපා රුදාදෙයි රෑ වෙන්නට පෙර ගෙදරට යාන්නයි පනමේ කිරි ගෙන පිහිටාක් වෙන්නයි මගෙ මංගල්ලෙට ඔහෙලාත් එන්නයි... දී කිරි දී කිරි... දී කිරි දී කිරි ගෙනාව දී කිරි මිහිපිට කාටත් ගුණ දෙන දී කිරි