Home/Songs/මේ ගෙවනා අරුම දිවිය (දෙවෙනි ඉනිම)

මේ ගෙවනා අරුම දිවිය (දෙවෙනි ඉනිම)

Me Gewana Aruma Diwiya (Deweni Inima)

Music: නිමේෂ් කුලසිංහ Lyrics: ශෙහාන් ගලහිටියාව
Font size:
ගිනි නැගෙනා අකුණු පහරෙ සැර
පපු ගැඹුරේ තියනවා
මද්දහනේ තැනෙන අව් පහරෙ
සැර පිනි පොද සේ විඳිනවා....

මේ ගෙවනා අරුම දිවිය තුළ
මොනවද සොයනවා
මේ අපගේ නිමල හැඟුම
දුක පැණි රස කරනවා.....

ඉර හඳ නැගෙනවා
නොදැනිම දින සති ගෙවෙනවා
දුර මැවෙනා මිරිඟුදිය කරුව
අපි හඳුනාගන්නවා
වැලි මිරිකා වතුර මවන හැටි
පොත කියවා තියෙනවා......

මේ වැටෙනා හුස්ම තියෙන තුරැ
ගමනක යෙදෙනවා
නෑ කවුරැත් අමරණිය
අපි දිනයක ම්යෙනවා

ඉර හඳ නැගෙනවා
නොදැනිම දින සති ගෙවෙනවා......

මේ ජීවිතේ පෙණ පිඩක් බිදි බිදි ගෙවෙනවා
ගමන නම් නොදනිති කෙදිනදෝ නිමවෙනා
දැනෙන අශාවෝ මවති මායාවෝ
සොයමු මේ හිනේ ඒ සිමවෝ.....

මේ ගෙවනා අරුම දිවිය තුළ
මොනවද සොයනවා
මේ අපගේ නිමල හැඟුම
දුක පැණි රස කරනවා......

මේ වැටෙනා හුස්ම තියෙන තුරැ
ගමනක යෙදෙනවා
නෑ කවුරැත් අමරණිය
අපි දිනයක ම්යෙනවා.....

(ඉර හඳ නැගෙනවා
නොදැනිම දින සති ගෙවෙනවා......////)
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.