වරෙල්ලා යමල්ලා (සිහ නාදේ)
Warella Yamalla (Siha Nade)
Music: චමත් සංගීත් Lyrics: ජගත් පෙරේරා
Font size:
වරෙල්ලා යමල්ලා සිහනාදේ පතුරාලා උඩ පැනලා බිම වැටිලා උඩ පන්දු අල්ලාලා දණ නමලා දිග හැරලා බැට දෙනවා බලපල්ලා ගයල්ලා වයල්ලා කුසලානේ ගෙනැල්ලා... ගමේ ගොඩේ කඩේ පිලේ උතුරන සංතෝසේ ලොවම බලාගෙන අප දස්කම් ගැන හොර රහසේ වෙනස් කරමු අහස පොළොව පතුරන මදහාසේ ඉතින් ලියමු ආයෙත් රන් අකුරින් ඉතිහාසේ... වරෙල්ලා යමල්ලා... එකම අදිටනින් එකම අරමුණකින් නැගිටිනවා ඉලක්කයට ලකුණ ලකුණ තව එකතු කරනවා අඩිය අඩිය තියලා දිනන බව හිතට දැනෙනවා සිංහ පැටව් ගැන මුළු ලෝකෙම හොඳට දන්නවා... වරෙල්ලා යමල්ලා...