Font size:
නාඳුනන ලෙස මගහැරලා යන්නැතිව නතරවෙලා මොහොතකට දැන්වත් මේ අහගන්න මා උමතු කළ ඔබට කෙරූ ආදරය හඬනගලා ලෝකයට මම ආසයි පවසන්න සීතල පවනැල්ලක් වීලා මේ ගත වටලා දමා ගිනි ගන්නා රස සේමා පැන් පිරිතෙන් දොවාලා අරුණට පෙර නැගෙනා මිහිඳුම් සළුව නෙළා සිපගන්නම් සැමදා මා උමතු කළ ඔබට කෙරූ ආදරය හඬනගලා ලෝකයට මම ආසයි පවසන්න දෑසට ලොව්තුරු සුව ගේනා දෙවියන් මැවු රූ නිසා ඔබ දකිනා බිඟු සේනා වශියෙන් එයි පේවෙලා දින සති ගත වීලා යනතුරු මියැදීලා මට ඔබමයි ඕනා නාඳුනන ලෙස මඟහැරලා යන්නැතිව නතරවෙලා මොහොතකට දැන්වත් මේ අහගන්න මා උමතු කළ ඔබට කෙරූ ආදරය හඬනගලා ලෝකයට මම ආසයි පවසන්න මා උමතු කළ ඔබට කෙරූ ආදරය හඬනගලා ලෝකයට මම ආසයි පවසන්න
Singers
Data
Last updated May 2026