Home/Songs/මට පින් නැතිනම්

මට පින් නැතිනම්

Mata Pin Nathinam

Font size:
මට පින් නැතිනම් කුමට හඩාලා
ඔබ අත ගන්නට අද දවසේ
විරහා වේදනා මෙලෙස විඳින්නට
හමුනොවෙමු සසරින් සසරේ

පතාන ආ දේ කඳුළක් වී නම්
ඉරණම වී ගිය දිවි ගමනේ //
සදා රකින්නට ඉතිරිව ඇත්තේ
කඳුළයි මගේ ජීවිත අරණේ

මට පින් නැති නම් ........

හඩා සුසුම් ලා තෙරපෙන සිතිවිලි
කැටිකර ගන්නම් හද පතුලේ //
නොපිපි කුසුම් කැන් සුපිපීයන් හෙට
සොඳුරියේ ඔබේ ජීවිත අරණේ

මට පින් නැති නම් ..........

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.