Home/Songs/මතකයන්

මතකයන්

Mathakayan (A Level Movie)

A Level Movie Music: සුරේෂ් මාලියද්ද Lyrics: රොහාන් පෙරේරා
Font size:
චිත්‍රපටය: A Level (2017)

මතකයන් හිත පාරවයි - වසන්තේ කොහේදෝ ගිහින් 
ජීවිතේ තැනක නැවතිලා  - මැකී යයි පියසටහන් 
පාසලින්....

සෙනෙහසක් නෑවිදින් ඇවිදින් ගියා 
නුඹ වදන් මතකකෙන් ගිලිහී ගියා 
හසරැල්ල සුළගේ දැවටී ගියාවේ 
බිදුණු සිත පෑරුනා රහසේ 
අයෙමත්....

වසන්තය හොරැහින් අසළින් ගියා 
රාත්‍රිය දිගු වී බොඳවී ගියා 
මටම මා අතහැරි නොහැරී ගියාවේ
පාළුවේ තනිවුනා මතකේ 
අයෙමත්....

මතකයන් හිත පාරවයි - වසන්තේ කොහේදෝ ගිහින් 
ජීවිතේ තැනක නැවතිලා  - මැකී යයි පියසටහන් 
පාසලින්....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.