Home/Songs/උදා ඉරක් සේ පායා හිත පුරා

උදා ඉරක් සේ පායා හිත පුරා

Uda Irak Se Paya Hitha Pura

Font size:
උදා ඉරක් සේ පායා හිත පුරා
සදා විඳින්නම් ආදරයේ නුරා
සරා සඳක් සේ ආලේ ඇතිතුරා
ඉතින් හිඳින්නම් මේ ආත්මය පුරා

මහදේ දිව්රා නුඹ මාගේ තුරුලට වුණා
රහසේ දැනෙනා ආදරය උතුරා ගියා

අඳුරේ දෙනෙත් අඳුරෙත් වෙලී
ඔහේ අපි බලා උන් හැටි
පහසේ ඔබේ පහසේ ඇලී
මා රෑ පුරා නිදි වරා උන් හැටි

උදා ඉරක් සේ ....

තුරුලේ නුඹේ තුරුලේ වෙලී
සැමදා ඉන්න මා පැතු හැටි
රහසේ දෙනෙත් රහසේ තෙමේ
ඒ සිහිනේ බොඳවෙලා ගිය හැටි

මහදේ දිව්රා නුඹ මාගෙන් ඈතට ගියා 

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.