Home/Songs/පෙනෙන නොපෙනෙන මානයේ

පෙනෙන නොපෙනෙන මානයේ

Penena Nopenena Manaye

Heritage (Urumaya) Music: තුසිත් නිරෝෂණ
Font size:
පාට දේදුනු කෝ කියලා 
අහස් ගිගුරුම් දේ....
දී හැඬුවත් අහස කළුවර ඇයි 
කෙදිනදෝ... දේදුනු... ඇසුවේ...

පෙනෙන නොපෙනෙන මානයේ ඔබ සොයන මා 
දෙනෙත් තනියට කඳුළු බිඳු පිරුණා 
පෙනෙන නොපෙනෙන මානයේ ඔබ සොයන මා 
මට දකින්නට... මට දකින්නට... 
ඔබ එනතුරා...

පුංචි සමනලුන් රහස් කිව්වත් 
ඈත මලකට ඒ...
ඒ ඇසේවිද ඔබ මාගේ... 
මහිත කීව්වට ඔබ හිතාවි ද...
මා ඔබේ...

පෙනෙන නොපෙනෙන මානයේ... /

නිදා නොනිදා.. පහන් වූ රෑ..
හඬයි ඔබ හා එක හීනෙකට...
ඒ හීනේ ඔබ  තුරුලේ... 
රැඳෙන්නම්  මා මියෙනා මොහොතේ...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.