Home/Songs/ඉරටත් හොරෙන් වරෙන්

ඉරටත් හොරෙන් වරෙන්

Iratath Horen Waren

Font size:
(ඉරටත් හොරෙන් වරෙන් 
හඳටත් හොරෙන් වරෙන්
ගෙදරට හොරෙන් වරෙන්
අපි දෙන්නා පැනලා යන්න මස්සිනා
කොහේටද.... කොළඹට පැනලා යන්න මස්සිනා....//)

බයිස්කෝප් හෝල් පිරිලා එක එක පික්චර් බැලුවැකි
හැන්දෑවට ක්ලබ් එකේදී හොඳට ඩෝප් එක දැම්මැකි
සයිවර් කඩේට ගිහින් හිටියොත් සමගින් කෑවැකි
මුහුද පැත්තේ ගොඩ වුනාම සුද්දෝ නානවා දැක්කැකි

ඉරටත් හොරෙන්....

ඩාන්ස් හෝල් එකට ගිහින් එතන ඩාන්ස් එක දැම්මැකි
ආස නම් දැකගන්නට නළු නිලියන් දැකගත්තැකි
සංගීත සැන්දෑවල් හැමදාම වගේ බැලුවැකි
ජනප්‍රිය ගායකයින් ඕන නම් මුණ ගැහුණැකි

ඉරටත් හොරෙන්....

සීත කරපු හෝටලේක කාමරේක නැවතුණ හැකි
එල්.ඇස් .ඩී පෙති දෙහෙකින් දිව්‍ය ලෝකෙ සැප ගත්තැකි
එතන තියෙන ඩාන්ස් දැකලා හුස්ම හිර කරගත්තැකි
සල්ලි ගඟක් අරන් ගියත් වියදම් කරලා දැම්මැකි

ඉරටත් හොරෙන්....
(කොහේටද.... කොළඹට පැනලා යන්න මස්සිනා....///)

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.