එපා නුඹ සද වෙන්න
Epa Numba Sanda Wenna
Music: රජිකා කරුණාදාස Lyrics: අරුණ ගුණවර්ධන
Font size:
එපා නුබ සද වෙන්න බැරිය මට ළං වෙන්න මැටි පහන් සිල වෙන්න හුදු එලිය මට දෙන්න එපා තරු මල වෙන්න මට නොහැක අල්ලන්න අතු අගෙක මල වෙන්න මට හැකිය සිප ගන්න එපා වැහි බිදු වෙන්න ගලා යයි ඔබ යන්න කදුලු බිදුවක් වෙන්න නෙතට උනුසුම දෙන්න එපා ඔබ සිදු වෙන්න බැරිය පවසට බොන්න සිහිල් පිනි බිදු වෙන්න විඩා ගිහි දුරලන්න එපා දේදුන්න වී දුරින් පායන්න පාට කූරක් වෙන්න ජීවිතේ සිතුවමේ මුදු පාට තවරන්න...