ආදර චාරිකා
Adara Charika
Music: වික්ටර් දළුගම Lyrics: ධර්මසිරි ගමගේ
Font size:
ආදර චාරිකා ජීවන චාරිකා සිතුවිලි අත්වැල් බැඳ යන ආදර චාරිකා ජීවන මාළිගා දේදුණු මාළිගා ආදර සිතකින් හදනා ජීවන මාළිගා..... කෝමළ රේඛාවක් අඩ නින්දෙන් පිබිදිලා මිලාන අහසේ දේදුන්නක් මෙන් පායලා අනංග මල් හීයෙන් පැටලී ආ ඇමිණිලා අසෝක මල් පෙත්තක් යයි සුළඟේ පාවෙලා..... ආදර චාරිකා ජීවන චාරිකා සිතුවිලි අත්වැල් බැඳ යන ආදර චාරිකා සුරම්‍ය සිහින ලොවේ යන විට පෙම් චාරිකා ප්‍රසන්න කැල්ම නගයි චංචල නෙත් තාරුකා තුෂාර කදුළු විමන් මල් වැස්සේ සෝදලා එක්ටැම් ගෙයට උඩින් දේදුන්නක් පායාලා....... ආදර චාරිකා........
Data
Last updated May 2026