Font size:
උගත මනා ශිල්ප සතර මතු රැකෙනා බව හිතන්න කෝප වුවත් රජ මැතිඳුට ගත නොහනා බව කියන්න පැන්ෂන් ගියදා ඉදලම විදි දුක් ගින්දර නිවෙන්න අනේ මටත් ඉඩක් දෙන්න ආයෙත් ඉස්කෝලෙ යන්න මං කැමතියි මගේ දැනුම කාසි වලට හරවාගෙන මාත් එක්ක නොවිකෙන්න ගමේ ගොඩේ පොඩි එවුන්ව වටකරගෙන උගන්වන්න උගන්නලා යහගුණ පිරි අගුත් පරපුරක් හදන්න මං කැමතියි මගේ දැනුම සූරාලා දෝතට ගෙන මහ පාරට විසි කරන්න හිස ගිනි ගෙන දුවන උන්ට කෑලී කෑලී අහුලන්න අහුලාගෙන ඔලුවේ දමා ආයෙත් ආපාහු හිතන්න උගත මනා ශිල්ප සතර .........
Singers
Data
Last updated May 2026