Home/Songs/සිනාසෙන්න බෑනේ

සිනාසෙන්න බෑනේ

Sinasenna Bane

Music: රොමේෂ් සුගතපාල Lyrics: නන්දන වික්‍රමගේ
Font size:
හැඟුම් මත් කළා ඒ නුරා දෑසේ මායා 
නැගූ මල් සිනා හද පුරා සුවඳ දීලා 
ඉගිලී ගියාදෝ සයුරෙන් එහා 
දුර යන්නේ හැංගෙන්නේ මගේ හිත දවාලා

සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ 
කොහේදෝ මා දමා ඉගිලුනේ // 

නිල්වන් ගැබේහී සඳ හැංගුනා සේ 
ඔබ එයිද ආයේ දෑස පේන මානයේ 
මල පරවුනා සේ නොපිපේද ආයේ 
හද රැන්දු සිහිනේ බොඳ වෙයිද මාගේ 
හද විලම සනසන්න දුක මගේ නිවාලා

සිනාසෙන්න බෑනේ.... // 

සංසාර හීනේ ඔබ නේද මාගේ 
මේ පෙම් කතාවේ ගිනි ඇවිලිලානේ 
හමුවන්න ආයේ පෙරුමන් පුරන්නේ 
ගිනි දැවෙන ලෝකයේ මං තනි වෙලානේ 
මුණ ගැහුන තැන තාම මම ඉන්නවා 

සිනාසෙන්න බෑනේ.... //
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.