Home/Songs/අම්මා ජීවන උයන් තෙරේ

අම්මා ජීවන උයන් තෙරේ

Amma Jeewana Uyan There

Font size:
අම්මා ජීවන උයන් තෙරේ
ඔබ මට සුවය ගෙනේ.......

අම්මා ජීවන උයන් තෙරේ
නොනිවී දැල්වෙන පහනකි නිරන්තරේ
ඔබ මට සුවය ගෙනේ
අම්මා ජීවන උයන් තෙරේ.........

සඳවතුරින් නොව රුහිරෙන්ම දියකොට
අමිල වු සෙනෙහස පුතුට පොවනු මැන
සෙනෙහස ගිලිහී වියැලුණු පුතු ලොව
මවුණි ඔබේ කිරි දියෙන් තෙමණු මැන......

අම්මා ජීවන උයන් තෙරේ.../

කඳූලින් ඉපදී කඳුලෙන්ම මියැදෙන
රණමඬලේ මිණි පහනක් වනු මැන
දිවි ගංගාවේ නොනිමි දියඹ තුළ
මා තුරුළට ගෙන නිබඳ සරනු මැන.....

අම්මා ජීවන උයන් තෙරේ...//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.