රහත් හිමිවරුන්
Rahath Himiwarun
Music: චරිත අට්ටලගේ Lyrics: චන්ද්‍රසේන තලංගම
Font size:
රහත් හිමිවරුන් උඩින් වඩිනවා වී පැදුරට හෙවනැල්ල වැටෙනවා සිරිමහ බෝපත් බුදු බණ ලියැවී පාවී යනවා වැව් සුළඟේ මා (කහ මල් පොකුරු වගේ... රන් මැලි සෑ රදුනේ...//) Rap දෑස වසාගත්තා මං මනසින් හොයන්න නිමාවක් මාර සේනා වලකනකාං ඇත්ත හොයාගෙන යනවා මිසිදෙටුවෙකු වෙයිද මං මිසිදෙටුවෙකු නෙමෙ මං ඇත්ත මට වැටහෙනකාං ඇත්ත හොයාගෙන යමි මං බුදුන් දැක නිවන් දකින්න මේ සසරින් දැක්ක පමණින් යන්නෙ කෙසේද නිවන් සැණෙකින් සැප රථෙන් ඇවිත් අතහැරීම ගැන දෙසුවෙ බණ අපෙ සාදු නිවං දුර නිසාද මම ලෙඩ ඇඳේ මරණෙ ඉන්නෙ ගන්න බලං අම්මේ අඩන්නෙ ඇයි මේ පිලිමෙට වැදං අඹපු රෑපෙට දැනේද අම්මගෙ හිතේ දුක දුකෙ හේතුව අපිව ඉපදුව එක නේද සෙත් පතා මා අත බැන්ද පිරිත් නූල දුටුව මස්කඩේ මුදලාලි අතේද ප්‍රාණගාතෙ පවුනං මරැවෙක් ඇයි නූලක් බැදං ආරක්ෂා වෙන්න ඕනෙ ප්‍රාණේ ඒ මරැවගෙන් නේද හිතෙ කහටක් නැත්තං කාටවත් ගිනි දෙන් නැත්තං ඉන්නකං හොදින්නං ඇයි මං යන්නේ පන්සල් ගන්න සිල් ඇත්ත ඇති සැටියෙන් දකින්න සිවුරක් ඕනෙමද මේ මනසින් ගැලවෙන්න මනසින් හිතන්නයි ඕන මහා විහාරේ මහ සඟ රුවනේ මුවින් නැගේ බුදු ගුණ වරුණාවේ තව කප් දහසක් අප හට පිහිටයි දොරින් දොරට පිඬු සිඟා වඩිනු මැන (කහ මල් පොකුරු වගේ... රන් මැලි සෑ රදුනේ...//)