Font size:
නුඹ නොමැති දිහාවක තල කොහිද සඳළු කටු මතින් ඇවිද යමි මතක වන වදුළු උහුලන්න බැරි තරම් සිහිනයන් සිඳළු ලස්සනම තැන් වලයි තියෙන්නෙම කඳුළු රැයක මැදියම අරන් ගලවමි දෑස්වල ඇබේ එතැන් සිට ගලන්නේ මොනවාද ඉබේ ඉතින් නුඹ තබා ගිය සිනාවන් තැනින් තැන තිබේ අතීතය සිහිකරන් හොදටෝම මං රිද්දගනු ලැබේ කාගේ කාගේත් දෑස් කෙලවර ශේෂ කඳුලක් තියෙනවා බැරිම තැන් වල එහෙම ඒවා ගලාගෙන බිම හැලෙනවා හිමිනොවූවත් සමහරක් අය අහිමි වන තැන බැඳෙනවා සදාකාලික ප්‍රේමයක් නම් කවදා හරි අත් හැරෙනවා