Font size:
ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිඹ ලඟම තබාගෙන මුතු කැටයක් ලෙස මේ කුලකින් රිංගන තරු එළියක් ලෙස මිහිර විඳින්නම් ලඳුනි දයාදර කාලයක අයාලේ පාවී ගිය සිත ලැගුම් සොයයි උණුසුමින් කැදැල්ලක ආදරය තරම් සුවයක් මෙහි මට නැත කියා ගයයි දුර ඉඳන් ලිහිණියක ජීවිතය ඔබෙන් .. සාගරය තුරුල්ලේ යාවි ගං දිය විඩා නිවයි සිඳු රළින් හැඟුම්බර ස්නේහයක උපන් කවියක් කැට තලයක ලියා තබමි නුඹ නමින් සදාතන.. ජීවිතය ඔබෙන් ..
Singers
Data
Last updated May 2026