Home/Songs/නෙල්ලි කැලේ වැල්ල දිගේ එන්න සොයා

නෙල්ලි කැලේ වැල්ල දිගේ එන්න සොයා

Nelli Kale Welle Dige Enna Soya

Music: සරත් දසනායක Lyrics: ප්‍රේම කීර්ති ද අල්විස්
Font size:
නෙල්ලි කැලේ වැල්ල දිගේ එන්න සොයා
ඇල් පවනේ මල් සුවඳේ එන්න සොයා
තව නොදුටූ ඔහුටයි මේ අරාධනා
කව්දෝ එයා මෙහි ඇත්දෝ එයා ...//

උතුරු දිගින් දෝ ඔබේ සිනා දකින්නේ
දකුණු දිගින් දෝ සිනාසිසී ඇදෙන්නේ ...//
සිතූ පැතූ සේ නෑකම් කියා

නෙල්ලි කැලේ වැල්ල දිගේ ..../

කෙබඳු රුවක් දෝ සිතේ මවා ගනිම් දෝ
කෙබඳු කෙනෙක් දෝ කෙසේ සිතා ගනිම් දෝ ...//
මගේ කතාවේ ඒ පෙම්වතා

නෙල්ලි කැලේ වැල්ල දිගේ ...//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.