Font size:
සඳ බැස ගිය තැන නෑ හිරු බැස ගිය තැන නෑ රළ බැස ගිය තැන නෑ මහ සයුරේ හිනැහුණු දවසක් නෑ සැනසුණු දවසක් නෑ නැළවුණු දවසක් නෑ මගේ ලොවේ... හෙට හමුවෙමුද අපි හෙට සැනසෙමුද අපි හෙට නැළවෙමුද අපි හිතවතියේ අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි අද නැළවෙමුද අපි පෙම් සයුරේ... මා ඔබ දන්නා තරම් ඔබ මා හඳුනන්නේ නෑ මා දෙස නොබැලුවත් තරහා නැතේ ඔබ දුටු දිනේ පටන් ඔබ පැයේ පටන් මගේ හද වත පතුලේ හැඟුම් පුබුදුනේ...