Home/Songs/ලොකු වුණාම වෙන්න කැමති (හරිම හොඳයි හැම බබාම)

ලොකු වුණාම වෙන්න කැමති (හරිම හොඳයි හැම බබාම)

Loku Unama Wnna Kamathi (Harima Hodai Hama Babama)

Font size:
හරිම හොඳයි හැම බබාම අද ඇවිල්ලා වේලාසනින්
අපි පංතිය පටන් ගනිමු ආයුබෝවන් ගුඩ් මෝනිං
ආයුබෝවන් ගුඩ් මෝනිං.....

අද පාඩම පටන් ගන්න කලින් සැවොම මේ අහන්න
ලොකු වුණාම වෙන්න කැමති කව්ද කියලා මට කියන්න
අත උස්සලා මට කියන්න......

මානව හිමිකම් ගැන උද්ඝෝෂණ කරවන
NGO එකක් දමා ගන්නෙමි එහි මුල්තැන
ගයන නටන ස්ටාර්ලා දැක මගේ බඩ දනවා
සීසන් ten එකේදි හරි මම තරුවක් වෙනවා
පාසැල් වාහනේ පාරේ දකුණින් එළවන්න
කැමති මම ඇමති කෙනෙක් ළඟ ඩ්‍රයිවර් වෙන්න......

තම තමාගේ ගැන විතරක් දරුවනි හොඳ නෑ හිතන්න
ආස කෙනෙක් නැද්ද මෙතන රටට සේවයක් කරන්න
මම ඉපදුණු මගේ රටට නිහඬ සේවයක් කරන්න
මම ආසයි ජනාධිපති උපදේශක කෙනෙක් වෙන්න
මාධ්‍යෙව්දියෙක් වෙනවා මම නම් ලොකු වීලා
රටට සේවය කරනවා ඉල්ලන සිංදුව දීලා
කැමතිම සිංදුව දීලා.......

දිවා නාට්‍යයක් කරමි කොටස් දෙතුන් දහක
එහෙන් මෙහෙන් රඟපානවා මමත් එහෙක දෙහෙක
 අනේ අපිත් එහෙක දෙහෙක
කෙනෙක් කරන දේ වැදගත් තමන්ට වාගේම රටටත්
තමන් ආස දේ කියන්න අත උස්සලා කෙනෙක් තවත්.....

මම කැමතියි ක්‍රීඩාවෙන් ඉදිරියටම එන්න
ලොකු වුණාම ආසයි ක්‍රිකට් වලට යන්න
ක්‍රීඩාවත් හොඳයි පුතේ පෙරටම යන්න 
උපන් රටට ගෞරවයක් අත් කර දෙන්න
මට නම් බෑ අව්වේ දිගට ක්‍රිකට් ගහන්න
මෙමට ඕනේ ක්‍රිකට් බෝඩ් එකට පනින්න
බෝඩ් එකට පනින්න පැනලා සේවේ කරන්න 
ක්‍රීඩකයන් තෝරන්න වල්ඩ් කප් එක ගන්න......

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.