බඹා කෙටු හැටි
Bamba Ketu Hati
Music: නලින් පෙරේරා Lyrics: කැලුම් ශ්‍රීමාල්
Font size:
බඹා කෙටු හැටියට ඔබ හමු වූ හින්දා පතාන ආ ලෙස ඕන්න කසාද බැන්දා හොඳට කැපෙන ජෝඩුව ඉස්සරහට කැන්දා (මේ සභා ගැබේ සුභ පැතුම් දී අපි වැන්දා.....//) ඇස්වහ කටවහක් නැති දැක්කත් ඇති හරිම ගති අපරාදේ කියන්නට බෑ දෙන්නට දෙන්නා ආදරයෙන් ඉන්න හැටි දැක්කම මේ මටත් කිති (සැරදේවා යුවතිපති ජය කොඩි බන්දා......//) අපිට වගේ දුක් බාධා තිබුණද මන්දා ඒ තිබුණත් ගණන් නොගෙන පෙම් කළ හන්දා සැරසිලි මැද පිළිඅරගෙන දෑඟිලි බන්දා දෙන්නට හොඳ හින්දා දෙන්නා කසාද බැන්දා දෙන්නට හොඳ හින්දා ඔන්න කසාද බැන්දා..... ඇස්වහ කටවහක්....... දකින දවල් හීන පවා සැබෑම වෙන්නයි පතන වස්තු යසිසිරු වැඩි වැඩිය ලැබෙන්නයි සතුට සමාදානය සදහට රජ වෙන්නයි මොනවා නැතත් දිවියම ආදරෙන් පිරෙන්නයි (එලෙසම පිට පිට දරු සම්පත්ද ලැබෙන්නයි.....//) ඇස්වහ කටවහක්....... (සැරදේවා යුවතිපති ජය කොඩි බන්දා......////)