Home/Songs/වැරදිකරු වෙමි

වැරදිකරු වෙමි

Waradikaru wemi

Music: දර්ශන රුවන් දිසානායක Lyrics: රජි වෙල්ගම
Font size:
වැරදිකරු වෙමි වැරදිකරු වෙමි
ලොවට හඩගා වරද පිළිගමි
ඔබේ ආදර බිසව නාමෙන්
සොහොන් ගැබ ඉදි නොකළ වරදට
වරද පිළිගනිමි

මහා රජතුමනි මහා රජතුමනි
දෙනෙත් අඳ කළ ඔබේ දෑතින්
(මගේ හදවත අන්ධ කළ මැනවී)..//

මතකයේ කිරි ගරුඩ අතුරා
ඈ නමින් මේ සොහොන ඉදි කළෙමි
ලොවේ වෙන කවුරුත් නොදන්නා
සොඳුරු යමුනා නදිය දන්නා
(ඈ නමින් මේ සොහොන ඉදි කළෙමි)..//

නදී තෙර හිඳ බොහෝ දුක් විඳි
ඈ නමින් මේ සොහොන ඉදි කළෙමි
අහස ගැබ්බර අඳුරු දවසක
කඳුළු මහ වරුසාව බිහි කළ 
(ඈ නමින් මේ සොහොන ඉදි කළෙමි)..//

මහා රජතුමනි මහා රජතුමනි
දෙනෙත් අඳ කළ ඔබේ දෑතින්
(මගේ හදවත අන්ධ කළ මැනවී)..////

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.