Home/Songs/මරතෝඬි දෑතේ

මරතෝඬි දෑතේ

Marathondi Dathe

Music: නියෝ Lyrics: කසුන් කොඳසිංහ
Font size:
මල් මාල ගවසාලා කෙහෙරැල්ල හැඩ කරලා
රතු දෙතොලේ පැටලීලා හුස්මන් පවා
නොකියාම උන්නත් මා ඔය චාටු දන්නවා
මනමාලකම් පාලා ආශා වෙලා
ඔය මරතෝඬි දෑතේ නැහැ වෙලීලා
රිදවාලා හඬවාලා මා හැර යන්නෙපා
මගේ දෑතේ රටා මා නුඹේ හිත පුරා
මවාලා තියාලා නෑ යන්නේ දමා.....

කෝලම් රටා මවලා සඳ කිඳුරියක් ආවා
තිලකයට හැඩ වීලා නෙතඟින් බලා
නොකියාම උන්නත් මා ඔය චාටු දන්නවා
මනමාලකම් පාලා ආශා වෙලා
ඔය මරතෝඬි දෑතේ නැහැ වෙලීලා
රිදවාලා හඬවාලා මා හැර යන්නෙපා
මගේ දෑතේ රටා මා නුඹේ හිත පුරා
මවාලා තියාලා නෑ යන්නේ දමා.....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.