Font size:
නිලම්බරේ කැලුම් පිරි සරා සඳ වගේ මගේ හදේ සදා රැඳී ඉන්න ප්‍රිය ළදේ නිලම්බරේ කැලුම් පිරි සරා සඳ වගේ ඔබේ හදේ සදා රැඳී ඉන්න මට සිතේ මියුරු තෙපුල් පවසා මා හද සනසනු මැන සිරිකත මෙන් මගෙ පැළ තුළ රැඳෙන්න පියබඳ සිත සහනය මිහිර මවා එන්නෙමි ඔබ වෙතේ ඔබේ හදට ආලෝකය දෙන්නෙමි හැම වෙලේ නිලම්බරේ කැලුම් පිරි සරා සඳ වගේ... දිවිය සුවඳ මලින් පිරුණු සුව යහනක් නොවේ හිරිහැර මැද කඳුළ සුසුම ඇතිවිය හැක ලොවේ ඒ හැමටම මුහුණ දෙන්න සිතේ දිරිය ඇතේ පැමිණෙන දුක සැප එකලෙස විඳගමි ජීවිතේ නිලම්බරේ කැලුම් පිරි සරා සඳ වගේ