ආදර ගඟුලෙහි
Adara Gangulehi
Music: වික්ටර් රත්නායක Lyrics: ප්‍රේම කීර්ති ද අල්විස්
Font size:
(ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී - සහන පවන් සැලූ මා ළඟ ඔබ සිටිනා විටදී - ලොවම දැකුම්කළු...//) මල් වැල් වන විල් පිරී ගියේ - සෙවන දෙවන්නලූ බිඟු නද විහඟුන් ඉගිල්ලුණේ - මිහිරෙ රැදෙන්නලූ පුන් සඳ නැගුනෙත් අහස් තලේ - අපට බලන්නලූ දෙනෙතට කඳුළැලි තුරුල් කළේ - පෙමට අඬන්නලූ පෙමට අඬන්නලූ ආදර ගඟුලෙහි....// මී වද මී පැණි පිරී ගියේ - දෙතොලෙ රඳන්නලූ දේදුණු ඕවිලි මැවී ගියේ - නුවන පිනන්නලූ මේ ලොව මා ඉපදුණේ ප්‍රියේ - ඔබව ලබන්නලූ ඒ හැර ලැබුණත් පලක් නැතේ - ඉසුරු මැණික් මළු ඉසුරු මැණික් මළු ආදර ගඟුලෙහි....//