Font size:
උම්බෑ කිය කියා මරණ බයේ....// කිරි ටික උරා බොයි පස්සේ මරා කයි මිනිසා දරුණු ඇයි හේ එළදෙන අසයි උම්බෑ කිය කිය මරණ බයේ........// බැරි බර පටවලා කෙවිටෙන් තල තලා කූර ගෙවෙනා තුරා විඳ විඳ දහවදේ නිරයේ දුක දකී මුළු පවුලම රකී අන්තිමේ මේ ගොනා මස්කර විකුණනා කඩයට පවරනා මිනිසයි තිරිසනා කවදාදෝ මිනිසාගේ අනුකම්පා ඇතිවන්නේ උම්බෑ කිය කියා මරණ බයේ.....// දරුවට මව නැති දෙවරුවේ කිරිදෙති ගොම ටික පොහොර වේ ගොඩ මඩ සරු කෙරේ මැරුණත් නොනවතී හමට ද බැට දෙති...// කවදාදෝ මිනිසාගේ තිරිසන් ගති දුරලන්නේ උම්බෑ කිය කියා මරණ බයේ ....//
Singers
Data
Last updated May 2026