Home/Songs/මගේ ආදරේ ඩෙනිමක් වගේ

මගේ ආදරේ ඩෙනිමක් වගේ

Mage adare denimak wage

Music: ලහිරු පෙරේරා Lyrics: මනුරංග විජේසේකර
Font size:
මගේ ආදරේ ඩෙනිමක් වගේ ඔබ හට ලඳේ නෑ වැටහුනේ 
මිතුරා මගේ ඩෙනිමයි අනේ ඕනෑ දුකක් ඉවසයි ලොවේ ආදරේ වගේ 
ඔබේ ආදරේ ඩෙනිමක් වගේ උන හැටි අනේ නෑ තේරුනේ 
ආදරේ කළා දෑසම වසා මුළු හිත පුරා යයිදෝ ගලා  මගේ ආදරේ 
	
අව්වත් එකයි වැස්සත් එකයි ඩෙනිමට එකයි 
දුකටත් හුරුයි සතුටත් හුරුයි මං ඒ වගෙයි 
වැටහුනේ දැනුයි තේරුනේ දැනුයි ඔබ වාගෙමයි 
ඔබනම් හැඩයි ඩෙනිමට හැඩයි මං ආදරෙයි 

දින සති ගෙවෙයි ඔබ ලග මගේ ඔබේ ආදරෙන් පපුවම පිරේ 
දිගුකල් ගියත් ඊයේ වගේ මට දැන් දැන් ආදරේ අගේ ඩෙනිමක් වගේ
මට නුඹ වගේ කවුරුත් නෑනේ නුඹේ ආදරේ අහසක් වගේ 
දුක සැප බෙදන් එමු මේ වගේ ඔබේ ආදරේ දිගුකල් රැඳේ ඩෙනිමක් වගේ 

අව්වත් එකයි වැස්සත් එකයි .../

ඔබයි මමයි අපේ ලොවයි දුකයි සැපයි රසයී හොදයි මේ ආදරයයි 
ඔබයි මමයි අපේ ලොවයි දුකයි සැපයි ජීවිතයයි මේ ආදරය...

අව්වත් එකයි වැස්සත් එකයි ..../


Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.