Font size:
දෑස වසා ගමි ඔබ නොපෙනෙන්නට සිහිනෙක දැවටී ඔබ එනවා සිත සිර කර ගමි ඔබට නොඑන්නට සිතුවිල්ලක් වී ඔබ එනවා අහසට ඔසවන විටදී නෙත් යුග හිරු සඳු වී ඔබ හිනැහෙනවා මිහි මත පියනරු දසුනක් වේ නම් ඔබෙ රුව ඒ තුල දැවටෙනවා පාළුව ඉවසා මා තනි වෙද්දී පුපුමක් වී මා පසු පස එනවා කල්පිත ලෝකේ ගී පොත පෙරළා ගීයක් වී ඔබ වැළපෙනවා අහසත් පොළවත් ඔබම ද මා හද නැතිවද මා ඔබ හැර යන්නේ තහනම් දේසේ බැඳි පෙමි බිඳ ලා කෙදිනද ඹබ මා හමු වන්නේ
Singers
Data
Last updated May 2026