Home/Songs/ඉර පායා ඉර අවරට යන්න

ඉර පායා ඉර අවරට යන්න

Ira Paya Ira Awarata

Font size:
ඉර පායා ඉර අවරට යන්න කලින් කියන් ලදේ
සඳ පායා සඳ අවරට යන්න කලින් කියන් ලදේ
තරු පායන නෙත් සඟලින් ඉඟි කර කර කියන් ලදේ
කැකුළු සිනහා මල් පීදෙන මුව මඩලින් කියන් ලදේ

පාන්දරින් පාන්දරට නුඹ දකිනා සිතක් ඇතේ
යාන්තමින් ඇස හැරලා නුඹ වෙලනා සිතක් ඇතේ
සිහින් හඩින් මුව පුබුදා නුඹ අමතන සිතක් ඇතේ
කියන් ලදේ අඳුනන්නිද නුඹ වෙත බැඳි සිතක් ඇතේ

බැලු බැල්ම මඟ හැරලා වෙනතක් දෙස බලන්නියේ
පෙලු සිහින පොට හැරලා සිත වටලා දුවන්නියේ
කියූ කියුම සවන නොලා මට ගොළුවත රකින්නියේ
කොහේ ද නුඹ සිත රැදුනේ මගේ සිත නොහඳුනන්නියේ

ඉර පායා ඉර අවරට ........

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.