Font size:
සෙනෙහස දෙවොලකි පුදනු හැකි ඔබ නමටයි ඒ දෙවොල හිමි ආයාචනයට මසිත ගැයූ ඔබෙ දෙසවන් ඇයි අගුළු වැටී සෙනෙහස දෙවොලකි පුදනු හැකි ඔබ නමටයි ඒ දෙවොල හිමි සුසුමට කඳුලට ලෙන්ගතු වී සැනසෙන්නද මා කෙලෙස යළි // ආදරයට හිමි කඳුලු බිඳු සාගරයට මුසු වේද මතු සෙනෙහස දෙවොලකි පුදනු හැකි ඔබ නමටයි ඒ දෙවොල හිමි සසරින් සසරට එකට බැඳී මෙතුවක් ආ මග අද නැවතී // ජීවිතයම එක රැයක දුටු සිහිනෙකි ප් රේමය බිඳුනු පසු සෙනෙහස දෙවොලකි පුදනු හැකි ඔබ නමටයි ඒ දෙවොල හිමි ආයාචනයට මසිත ගැයූ ඔබෙ දෙසවන් ඇයි අගුළු වැටී සෙනෙහස දෙවොලකි පුදනු හැකි ඔබ නමටයි ඒ දෙවොල හිමි
Singers
Data
Last updated May 2026