මායම් තරු රෑනේ බැල්මෙන් මිදී
Mayam Tharu Rane Balmen Midi
Music: සඳරුවන් ජයසිංහ
Font size:
මායම් තරු රෑනේ බැල්මෙන් මිදී පායන් ආ සඳටයි බැඳුනේ වෙලී රෑනෙන් මිදුනා මා නෑ අත් බැඳී මා නම් අද ඉන්නේ ප්‍රේමේ ගිලී සීතාවියක් හින්දා රෑ නෑ නිදි ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැඳී කවදාවත් රිදවන්නෑ හිමිවේ නම් උන්මාදිනී පාඩම් පොතේ සුවඳ අකුරින් ලියා දුන් උන්මාද ගීතේද ගැයුවේ ඔයා ඒ පොත් කොනේ ලිව්ව හසුනත් ඔයාටයි මේ පෙම් හැඟුම් නැද්ද දැක්කේ ඔයා හැමදාම නෙතු කීව ඒ පෙම් කතාවේ හිතවත්කමක් නේද දැනුනේ කියා කවදාද ඉටු වන්නේ මේ ප්‍රාර්ථනාවන් දුක් ගින්දරේ හීන ඇවිලී ගියා මායම් තරු රෑනේ බැල්මෙන් මිදී.... මල් හීන හිත බැන්ද කිරි කෝඩු කාලේ එක හීනයක් ගාව මම නැවතිලා තරු වාගේ දිලිහෙද්දි පොඩි ඇස් ඔයාගේ බෑ දැන් කියා ගන්න හිත ගොළු වෙලා දැනගත්ත දා ඈත වෙන් වී ගියෝතින් හැමදාම විඳවන්න මා මෙහි තියා නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන් මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා මායම් තරු රෑනේ බැල්මෙන් මිදී....