Font size:
හිතෙනවා මමත් පියෙකු වුවැයි පෙර පෙම් කෙරු ඇය මවක් වූ දවසේ කුළුඳුලේ ඇය වැදුවේ මගේ සිහිනේ හිමිනැතත් මට වන්නට පිය උරුමේ නොවුණත් ඇය මගේ දුවනි අපි මැවු සිහිනේ සිටියේ ඇයයි....... අපි මැවූ සිහිනයේ නිමි හිම් සොයා අද වුණත් මා සිතින් යනෙනා නිසා නම නොදන්න මාගේ දුවනි මා නොදන්න මාගේ දුවනි අපගේ හීනේ හැඩකෙරු කුමරී....... පෙම්වතී ඇය පෙර මගේ ලෝකයේ වෙන්ව ගියේ අපි පිනක් මදි වී නොවේ ඇය මවක් වී අද ගොඩ නැගු ලෝකයේ ඇයත් ඔබවත් හදවතින් මගේ වගේ දුර ඉඳන් හිත තුටින් ඉන්නම් බලා මා නැතත් ඔබ හොඳින් ඉන්න නිසා....... හිතෙනවා මමත්......
Singers
Data
Last updated May 2026