Home/Songs/සෙහෙනේ මල්

සෙහෙනේ මල්

Senehe Mal

Font size:
සෙහෙනේ මල් සිනා පා
ඔබ ලඟ ඉන්නම් මා 
මා ඔබේ සැමදා
හද උයනේ විහඟක සේ - යනවා පෙම් චාරිකා
මහදේ පිපේ -  ආදරේ//

පෙම්වත ඔබටයි ගීතේ - හද ගී පොතේ ලියා
ලං වන මොහොතේ කීවේ - ඔබ මාගෙමයි කියා
මා ආදරෙන් දෑතේ බැඳී
ඉන්නම් සදා

ලං වුනු හින්දයි ආවේ - සසරේ පුරා සරා
වෙන් නොම වෙන්නම් මාගේ - මුළු ජීවිතේ පුරා
මා ආදරෙන් දෑතේ බැඳී
ඉන්නම් සදා

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.