Home/Songs/හීන හැන්දෑව

හීන හැන්දෑව

Heena Handawa

Music: උදය ශ්‍රී වික්‍රමසිංහ Lyrics: කසුන් ප්‍රිමාල්
Font size:
හීන හැන්දෑව මේ නෙතු පුරා විඳිනා
සේද සඳ වියමනේ ඔබ හෙමින් වඩිනා
සීත මුතු බින්දු පින්න අතරේ උණුහුමේ තෙරපෙනා
නුඹගේ හද ගැහෙන රිද්ම අතරේ ජීවිතේ දැනෙනවා......

රෑ නවතින්නෑ ඔබ මා තුරුලේ තියා
නෑ නිමවෙන්නෑ සෙනෙහේ මගේම නිසා
නවතින්නම් ඔය හදවත හමුවේ ආදරේ දීලා
විඳගන්නම් හැම මොහොතේම ගෙවෙනා 
හීනයේ රැඳිලා.......

ශ්වේත සෙනෙහස මගේ සිත පුරා දැනෙනා
ගීත උද්‍යානයේ ඔබ නිසා ගැයෙනා
කුරුටු පද පේළි මතක අතරේ මැවී මැවී සිහිවෙනා
නුඹගේ නෙතු කැල්ම බැල්ම හමුවේ ආදරේ දැනෙනවා.......

රෑ නවතින්නෑ ඔබ........

රැකගන්නම් හද පතුලේ සීරුවෙන් තියා
සෙනෙහේ නිම වෙන්නෑ......

රෑ නවතින්නෑ ඔබ.......
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.