Font size:
හිරු විකසිත වී මියයන පොළවේ එළිය අඳුර සම සමව බෙදයි ගත පණ නළ වන් රුධිරය මවුගේ කිරට හැරී කුසගිනි දුරලයි සමුදු වදන් සවනත පාවේ බිළිඳු ඔබේ තුරුලේ සැතපේ ලෝකය බිහිකල මවුනේ මගේ නුඹේ නමට මුළු ලොවම වඳී හිරු විකසිත වී... හදමඬලේ සෙනෙහස් කඳුලින් සුදු බුදු රැස් විහිදුනි අහසේ එවන් මහිමයක් ලොවට උදාකල මවුනි ඔබට මුළු ලොවම ගැතියි හිරු විකසිත වී...
Singers
Data
Last updated May 2026