Home/Songs/අහිකත් නොසිතමි

අහිකත් නොසිතමි

Ahithak Nosithami

Music: ක්ලැරන්ස් විජේවර්ධන
Font size:
(අහිකත් නොසිතමි කිසි දින ඔබ ගැන
මා හැර ගියා කියා
සිත වෙනතක නම් සිරකර කුමටද
තව ඔබ මගේ කියා...//)

බාල වියේ සිට බැදුණු සෙනෙහසින්
මෙතෙක් කලක් අප ගෙවා නොසිතූ ලෙස
අන් සිතකට කෙලෙසද ඔබ බැඳුණේ
අදහා ගන්නට නොහැක ළදේ

අහිකත් නොසිතමි....

දෑත අපේ බැඳ එකම රන් හුයෙන් 
එක වහලක් යට එක්වූ දිනයක
හැර යන්නට පෙර ඒ ලොව බිද දා
වෙන්වීමත් සැනසුමකි මෙසේ

අහිකත් නොසිතමි....//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.