Home/Songs/මද සීත නළ රැල්ල දැඟලිල්ල පා

මද සීත නළ රැල්ල දැඟලිල්ල පා

Mada Seetha Nala Ralla

Font size:
මද සීත නළ රැල්ල දැඟලිල්ල පා
කැලඹිල්ල දී දසත විසිරී ගියා
සුතුවිල්ල ඉතිරී සැනසිල්ල පැතිරී
පෙම් ලෝකයේ සුවඳ මුසු වී ගියා

ඔය බැල්ම දෙන කැල්ම සුරදී තපා
සුරතල්ම බව ගේන රහසක් කියා
දුක කැල්ම නැති වී සිත ඇල්ම මතු වී
පෙම් ලෝකයේ සුවඳ මුසු වී ගියා

සුදු සීල මිහිදුම් අහසින් නැගේ
නිල් ලෝකයෙන් එළිය නොපෙනී පෙනී//
මගෙ දෑස පහදන්න ඔබෙ දෑත මට දෙන්න
ඔබ මාගෙ ජීවේ සදා.....

ඔය බැල්ම දෙන කැල්ම.....

මගෙ දෑස ඔබ ගන්න ඔය දෑත මට දෙන්න
යුග ගීත පවසන්න කෝ//
ලොව මිහිර නරඹන්න මදු මිහිර රස බොන්න
ඔබ මාගෙ ජීවේ සදා.....

මද සීත නළ රැල්ල.....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.