Home/Songs/අන්දර යායේ වැව්තාවුල්ලේ

අන්දර යායේ වැව්තාවුල්ලේ

Andara Yaye Wew

Font size:
අන්දර යායේ වැව්තාවුල්ලේ
සක්මන් කරනා අප්පච්චී
දොලේ දියයි මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චී

වළාකුලේ දා බිදු තවරා
මහපොළවට මහ වැසි ගෙනෙනා
දිවි ගමනේ ඉම කදුමුදුනේ හිද
පිතු සෙනෙහේ කඳුලැලි සලනා

තුරු හිස මුදුනේ මල් ඵලදා
කැකුළු මුවට ඵල වැල නෙලුවා
ඒ දඬු මං බැද සත්කුළු පව් බිද
සිදාදියට යන මං තැනුවා
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.