Home/Songs/අපේ සබඳකම් අපේම වරදින් මියදෙන්නට

අපේ සබඳකම් අපේම වරදින් මියදෙන්නට

Ape sambadakam Apema Waradin Miyadenanta

Font size:
අපේ සබඳකම් අපේම වරදින්
මියදෙන්නට දී අකාලයේ
හඬා වැටෙන දා පල නැහැ බැණ වැද
හතුරුමිතුරුකම් වලට ලොවේ ....

සමනළ තටුවල සඳ තරු මල් වල
ප්‍රේමය තවරන බොළඳ සිතේ
හමුවී වෙන්වී තනිවී හඬනව
ඇවිදිල්ලා යන සුළඟ වගේ....

හිරු පායන විට දියවී නැති වෙන
ලස්සන පොඩි හිම ගෙවල් වගේ
වැනසී යා නම් මායාවක් ඒ
ප්‍රේමයේ අරුතක් කොහෙද අපේ ....

Singers

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.