පුංචි සිතේ පුංචි සිනා
Punchi Sithe Punchi Sina
Music: රෝහණ වීරසිංහ Lyrics: කුලරත්න අරියවංස
Font size:
පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ රංචු ගැසී හාද වෙලා මල් හසරැල්ලේ// පුංචි දේට කතා වෙලා - රණ්ඩු වෙලා වෛර බැඳන් කතා නොමැති ගෙවල් තුනක දූලා පුතාලා අම්මාලාට හොරෙන් ඇවිත් - සෙනෙහෙ සිතින් යාළු වෙලා පුංචි පැටව් එක පවුලකි වෙල් ඉපනැල්ලේ පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ.... දෙමාපියන් කතා නැතුව වෛර වුණත් ඒ වාගේ පුංචි සිතේ වස විස නෑ ලොකු සිත් වාගේ මල් වාගේ දුවේ පුතේ ලොකු අයටත් අඬ ගහලා ජීවිතයේ කතාන්දරේ කියා දියන්නේ පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ....
Singers
Data
Last updated May 2026