Home/Songs/මං වෙනුවෙන් ඔබ

මං වෙනුවෙන් ඔබ

Man Wenuwen Oba

Font size:
මං වෙනුවෙන් ඔබ නොහඩන බව මං දන්නෙමි
ඔබ වෙනුවෙන් හැමදාමත් මම හඩන්නෙමි
ඉර නාවත් සඳ නාවත් මං දිවගෙන එන්නෙමි
බිළිඳවකු සේ සුළැඟිල්ලේ ඇවිත් එල්ලෙමි
මං වෙනුවෙන් ඔබ නොහඬන බව මං දන්නෙමි

අන්තිම කඳුළත් ඔබ වෙනුවෙන් මං හෙළමි
අන්තිම සුසුමත් ඔබ වෙනුවෙන් මං හෙළමි
අන්තිම කවියත් ඔබ වෙනුවෙන් මං ලියමි
අන්තිම වරටත් ඔබ වෙනුවෙන් මං හිදිමි

මං වෙනුවෙන් ඔබ......

හැම හුස්මෙම ඔය සුන්දර සුවඳ විඳින්න 
හැම මලකම මල්පෙති ඔය වත සිපගන්න
හැම සසරම අඩ අඩාම මට දුක් දෙන්න
හමු නොවුනත් ඔබ පේන දුරින් නවතින්න

මං වෙනුවෙන් ඔබ ...........

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.