Home/Songs/සුකොමල බඳ ලෙලවා

සුකොමල බඳ ලෙලවා

Sukomala Bada Lelawa

Font size:
(සුකොමල බඳ ලෙලවා 
පය කිංකිණි සොලවා 
කිරි මෙන් බැබලෙන සඳළුතලේ 
රඟ දෙන සුර නිළියේ...//) 

නටුවෙන් ගැලැවුණු ඕලු මලක්
දිය මත පාවෙන්නේ 
මෙලෙසය පැවැසෙන 
ඔබගෙ දෙඅත් පොඩි 
හා කදිමයි නිළියේ

සුකොමල බඳ ලෙලවා....

වරලස පීරා මල් ගවසා
ගෙල වට මුතු මාලා 
රනහස පරයන 
පියයුරු හා බැම 
හා කදිමයි නිළියේ

සුකොමල බඳ ලෙලවා....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.