Font size:
කළු කෝට් ඇඳලා ආරච්චිලා හොල්ලපු මුළු ගමම
හවඩිය බැඳලා යයට ඒ ඇන්දෙත් සරම
මුතුන් මිත්තෝ රැකගෙන ආ අපේ ජාතික ඇඳුම
ඉනට යසට අපූරුවට සරසන්නෙත් සරම
අපි කිව්වම මෙහෙම හිතට ගන්න හැමෝම
මනින්න එපා ඇඳුමෙන් කිසි කෙනෙකුගේ තරම
කෙනෙක් ඇන්දට සරම කව්රු හිතුවත් කොහොම
සරම අඳින කෙනයි දන්නේ සරමේ පහසුවේ තරම........

ඔය අපේකම රකින්න නහින මැති ඇමතිලා රැලම
කලිසම වෙනුවට ඒ අය අඳින්න එපැයි සරම
සුද්දගේ කලිසම ඇඳගෙන සුද්දට බනින එකනේ පුදුම
දැන් තේරෙනවද අන්දන හැටි උන්දැලා මුළු රටම
අපි කිව්වම මෙහෙම හිතට ගන්න හැමෝම
මනින්න එපා ඇඳුමෙන් කිසි කෙනෙකුගේ තරම
කෙනෙක් ඇන්දට සරම කව්රු හිතුවත් කොහොම
සරම අඳින කෙනයි දන්නේ සරමේ පහසුවේ තරම........

පුංචි ළමයි හරි හුරතල් ඇඳගත්තම සරම
අවුරුදු කාලේට ඉල්ලුම ඉහළ නගින සරම
අඩියක් ගහන දාට වැදිලාවත් වැඩි වුණොතින් පදම
බඳ පටිය නැතිව අඳින්නෙපා කැඩෙයි පුතේ සරම
(අපි කිව්වම මෙහෙම හිතට ගන්න හැමෝම
මනින්න එපා ඇඳුමෙන් කිසි කෙනෙකුගේ තරම
කෙනෙක් ඇන්දට සරම කව්රු හිතුවත් කොහොම
සරම අඳින කෙනයි දන්නේ සරමේ පහසුවේ තරම........//)
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.