Font size:
පෑදි දියේ ඔබේ නිර්මල හදවත විනිවිද දකින්නම් පොකුරු ගොඩේ හදපානේ නටන වීදුරු මල් නෙලන්නම් පායනා තුරූ ඔබේ නුවන් තරූ පෙරුම් පුරා දිනූ ඔබේ උතුම් හදේ ආදරබර වස්තුව වෙන්නම් සදාකල් අනන්තයක් වූ මේ පැතුම් ජලාසේ නගන මියුරු හඩ හෙමිහිට අසන්නම් හීන් දියක් වූ ඔබ නමින් උපන් ගී නිශා ගීතයේ මුසුකර එවන්නම් සාගරේ සමාන වූ ආදරේ ළඟා කෙරූ ජීවිතේ ඔබයි මගේ සදාකල් පෑදි දියේ ..... රිදී කඳක් සේ සඳ ගලන වෙලාවේ ඔබේ සුවඳ ඇස් පියාන හොයන්නම් ඉබේ නිකුත් වූ මගෙ සුසුම් තාලයෙන් ඔබේ හැඟුම් ගිටාරයෙන් වයන්නම් සාගරේ සමාන වූ ආදරේ ළඟා කෙරූ ජීවිතේ ඔබයි මගේ සදාකල් පෑදි දියේ .....
Singers
Data
Last updated May 2026