Home/Songs/දෙකොපුල් කඳුලින් තෙමා

දෙකොපුල් කඳුලින් තෙමා

Dekopul Kandulin Thema

Lyrics: මහේෂ් රත්සර මද්දුමාරච්චි
Font size:
පි- දෙකොපුල් කදුලින් තෙමා
     තොල්පෙති නලලත තබා
     නික්මුනදා හිස සිඹ මා
     ලතවෙමි රෑ තුන්යාම්
     සුහදිනියේ

     මෙන් පෙරදි අපි මේ වගේ
     වෙන්වී යන්නට ඇති
     මේ කදුළු ගංගා ඉමේ 
     කොතැනක හෝ

     මගේ ජීවිතේ ජීවිතේ ඉකි බිදී
     ඔබ දෙනෙත් යලි යලි සොයයි
     අපි පතා ආවා වගේ 
     වෙන්වී යයි

    ඔබ පපුතුරේ මා හිදි
    මගේ පපුතුරේ නුඹ හිදී
    ලං වෙන්න වෙන්නේනම් නෑ
    සුහදිනියේ

ගැ- දෙකොපුල් කදුලින් තෙමා
      තොල්පෙති නලලත තබා
      නික්මුනදා හිස සිඹ මා
      ලතවෙමි රෑ තුන්යාම්      

     සුදු සිනිදු මල් පෙති වගේ
     ගිලිහී යන්නට ඇතී
     මුදු සුවඳ දැනෙනා ඉමේ
     දෙතැන පිපි

    හමු වීම ප්‍රේමය නොවේ
    වෙන්වීම ප්‍රේමය වඩයි
    අපි පතා ආවා වගේ 
    වෙන්වී යයි

පි- ඔබ සිහිනවල මා හිදි
     මගේ සිහිනවල ඔබ හිදී
     එය පියවි ලෝකය නොවේ
     සුහදිනියේ

පි,ගැ-දෙකොපුල් කදුලින් තෙමා
         තොල්පෙති නලලත තබා
         නික්මුනදා හිස සිඹ මා
         ලතවෙමි රෑ තුන්යාම්
පි- සුහදිනියේ
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.