තුහින වැස්ස
Thuhina Wessa
Music: සුරේෂ් මාලියද්ද Lyrics: චමින්ද රත්නසූරිය
Font size:
තුහින වැස්ස වැටෙන රෑක හීතලේ තුරුල් කරන තුරුම හීත හිරිපොදේ ඔබේ ආදරේ රස හීනයේ සැනහී හිඳින්නම් සැම දිනේ තුහින වැස්ස වැටෙන රෑක හීතලේ තුරුල් කරන තුරුම හීත හිරිපොදේ දේවදාර තුරු පෙළ ළඟ නිම් තෙරේ දෑල දෙවුර තුරුලට වී සැනසෙමි// සුලං කෝඩයේ හිරිගඩු පිපේ සුවසේ වෙලෙන්නම් තුරුනෙතේ තුහින වැස්ස වැටෙන රෑක හීතලේ තුරුල් කරන තුරුම හීත හිරිපොදේ පිනි සළුව මුදා හරින ඝන මීදුමේ ඉම කොතන කොහිද සීමාවක් නොතේරේ // හැල්මේ වගේ අයෙත් නොයේ පෑහී හිඳින්නම් සිතු ලෙසේ තුහින වැස්ස වැටෙන රෑක හීතලේ තුරුල් කරන තුරුම හීත හිරිපොදේ